සුමංගල හිමියන්ගේ චිතකය අභියස මුසලිමානුවෝ හඬා වැටෙති

කුරුණෑගල රම්බඩගල්ල ශ්‍රී ස්වර්ණගිරි රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටියදී අපවත් වී වදාළ අඹේපුස්සේ සුමංගල හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රම්බඩගල්ල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී ඉකුත් 26 වැනිදා පැවැති අතර එහිදී හිමියන්ගේ චිතකයට ගිනි දැල් වූ අවස්ථාවේදී එය වාවාගත නොහැකි එහිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ, දායකයන් සහ ඥාතීන්ද සමඟ එක්ව අබ්දුල් ෆායිස් ඇතුළු මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනෙක් හඬාවැටුණාහ.

අන්තවාදී භික්ෂූන් වහන්සේලා මුසල්මානුවන්ට අබ සරණයි යැයි වදාරණ රටක, ගිනිගෙන දැවෙන තම චිතකය ඉදිරිපිටට වී හඬන්නට තරමට සුමංගල ලොකු හාමුදුරුවෝ විසින් අබ්දුල් ෆාසිස්ලා සමඟ පවත්වා ඇත්තේ අතිශය සංවේදී බැඳීමක් බව ඔවුන්ගේ කඳුළු කියා පෑවේය.

විචිත‍්‍ර පරිත‍්‍රාණ ධර්මදේශකයෙකු ලෙස මෙන්ම කවියෙකු, සාහිත්‍යධරයෙකු, ජනමාධ්‍යවේදියෙකු මෙන්ම පුරාවිද්‍යාව පිළිබදව හසළ දැනුමැත්තෙකු ලෙස ප‍්‍රකටව සිටි අඹේපුස්සේ සුමංගල හිමියෝ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 24 වැනිදා අපවත් වූහ. අපවත් වන විට 56 හැවිරිදි වියෙහි පසු වූ උන්වහන්සේ ප‍්‍රදේශයේ සිංහල ජනතාව සමඟ මෙන්ම මුස්ලිම් ජනතාව සමඟද සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය, දුකෙහි මෙන්ම සැපෙහිදීත් මෙම ජනවර්ග දෙකටම අයත් ජනතාව සමග රැදී සිටි යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍රව සිටියේය.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්