සුභසාධන කප්පදුවට එරෙහිව ගී‍්‍රසියේ වම තදින් සිටි

ගි‍්‍රසියේ පැවති මැතිවරණයෙන් පසු කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවීමට මේ දක්වා අවස්ථාවක් උදාවී නොමැති තත්වයක් තුළ රජයක් පිහිටුවීමේ අවසන් ප‍්‍රයත්නය ලෙස සකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ගී‍්‍රක ජනපතිවරයා සියළු පක්ෂ වලට ආරාධනය කරයි.

පසුගියදා අවසන් වූ මැතිවරණයෙන් බලය හෙබවූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයට නව රජයක් පිහිටුවීම සදහා අවශ්‍ය වන බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබුණු අතර වාම රැඩිකල් සයිරිසා බ්ලොක් පක්ෂය රජයක් පිහිටුවීම සදහා කළ සාකච්ඡාද මේ දක්වා සාර්ථක වී නොමැත.

සභාග රජයක් පිහිටුවීම සදහා ගී‍්‍රක ජනපතිවරයා විසින් කර ඇති ආරාධනය පිලිබඳ අදහස් පළ කළ සයිරීසා බ්ලොක් පක්ෂයේ නායක ඇලෙක්සි ටිසිපරාස් ප‍්‍රකාශ කලේ තමන් විසින් බලවත් අපරාධයක් ලෙස සලකන යුරෝපා සංගමය විසින් නිර්දේශ කල සුභසාධන කප්පාදු කිරීම වලට සහය දෙන කන්ඩායම් සමග කිසි ලෙසකින්වත් තම පක්ෂය සන්ධානගත නොවනු ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්