ඉන්දුනීසියාවේ නිරිතදිග වෙරළ තීරයෙන් කිලෝමීටර් 500ක් පමණ එපිටින් අද (02) සවස ඇති වූ රික්ටර් මාපක ඒකක 7.9ක ප්රබල භූකම්පනය හේතුවෙන් ඉන්දුනීසියාවට හා ඕස්ට්රේලියාවට නිකුත්කර තිබූ සූනාමි අනතුරු ඇඟවීම් ඉවත්කර තිබෙනවා.
භූකම්පනය හේතුවෙන් ඉන්දුනීසියාවට සිදු වී ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර භූකම්පනයෙන් ශ්රී ලංකාවටද කිසිඳු බලපෑමක් නොමැති බව පැවසේ.









