වෙළෙඳපොල තුළ මේ වනවිට දැඩි සීනි හිඟයක් පවතින අතර ඩොලර් හිඟය හේතුවෙන් සීනි කන්ටේනර් 100ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.
සීනි තොග වශයෙන් බෙදාහරින වෙළෙඳසල්වලද කිලෝ එකක් රුපියල් 155ත් 160ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ. එය පාලන මිලද ඉක්මවූ මිලකි.
මේ වනවිට රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් ආනයනකරුවන් 40කට අධික පිරිසකට අයත් සීනි ඇතුළු විවිධ භාණ්ඩ විශාල සංඛ්යාවක් ඇතුළත් මෙට්රික්ටොන් දහස් ගණනක් ඇතුළත් කන්ටේනර් 500ක් පමණ මේ වනවිට වරාය තුළ සිරවී තිබෙන බව අත්යවශ්ය භාණ්ඩ ආනයනකරුන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කරයි.
වරාය තුළ සීනි කන්ටේනර් හිරවී තිබීම නිසා ආනයනකරුවන් සතුව සීනි තොග නොමැති බවත් තොග රැස්කරගෙන සිටි පිරිසක් වැඩි මිලට සීනි අළෙවි කරන බවට අනුමාන කළ හැකි බවත් ඔහු පවසයි.
වාණිජ බැංකුවලින් මීට පෙර පැවැති ආකාරයට සාමාන්ය පරිදි ඩොලර් නිකුත් කළේ නම් මෙවැනි තත්වයකට පත්නොවී දිනපතා කන්ටේනර් නිදහස් කරගන්නා බවත් ඩොලර් හිඟය සියලුම ආනයනරුවන්ට ප්රශ්නයක් බවට පත්ව ඇති බවත් ඔහු පවසයි.










