ඉහළ කොත්මලේ ජලාශයේ අතුරුදහන්ව ඇති සිසුවා සොයා නාවික හමුදා කිමිදුම්කරුවන් තවදුරටත් මෙහෙයුමේ නිරතව සිටින බව තලවකැලේ පොලිසිය පවසයි.
තලවකැලේ දෙමළ මහා විද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි නව හැවිරිදි දරුවෙකු 20 වනදා සිට අතුරුදන්ව ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණි.
එදින පෞද්ගලික පන්තියකට සහභාගී වී පැමිණෙන අතරවාරයේ දී එම සිසුවා ඉහළ කොත්මලේ ජලාශයේ මාළු අල්ලමින් සිටිය දී ජලාශයට වැටී ඇති බව ඒ අනුව අනාවරණය විය.
අතුරුදහන් වූ සිසුවාගේ පාසල් බෑගය සොයා ගෙන ඇති අතර සිරුර සොයාගැනීම සඳහා කොත්මලේ ජලාශයේ ජල මට්ටම අඩු කිරීමට එහි ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.









