
අම්පාර මහඔය පොලිස් ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අද (25) අලූයම 01.30ට පමණ වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.
වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ එම සිවිල් ආරක්ෂක භටයාගේම රාජකාරි ගිනි අවිය වන අතර ඔහු දෙදරු පියෙකු බවද පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ප්රේමලාල් රණගල මහතාගේ මුලිකත්වයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ මෙය සිය දිවි හානිකර ගැනීමක් බවයි.









