සිරියානු හමුදා ඇලෙප්පෝ මුදා ගනී

වසර හතරක පමණ කාලයක් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැති සිරියාවේ දෙවැනි විශාලතම නගරය වූ ඇලෙප්පෝ සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට සිරියානු හමුදා ප්‍රමුඛ කණ්ඩායම් සමත්ව තිබේ.

මේ බව සිරියාවේ සිටින රුසියානු තානාපති විටලි චර්කින්ද තහවුරු කර ඇත. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ඇමෙරිකානු සහාය සහිතව විපක්ෂ කණ්ඩායම් සන්නද්ධ ගැටුම් ආරම්භ කළ අතර වසර හතරක පමණ කාලයක සිට සිරියාව තුළ අසාද් පාලනය සමග දරුණු ගැටුම් පවතී. මේ වනවිට සිරියානු ගැටුම් හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව මිලියන පහක පමණ පිරිසක් සරණාගතයින් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව රුසියානු හා සිරියාව ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායම්  ගෙන යන සටනේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට ඇලෙප්පෝ මුදා ගැනීම පත්වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related imageImage result for aleppo war in win syrian armyRelated image

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්