සිරකරුවන් වහලයක් මත උපවාසයක – වැලිකඩට ආරක්ෂක අංශ කැඳවයි

මහේෂ් නමැති සිරකරුවෙකු පෙරේදා (10) වැලිකඩ බන්ධානාගාරයේ වහළයකට නැග උපවාසයක් ඇරඹීමෙන් පසු ඔහුගේ සහයට තවත් අය හවුල්වීම නිසා වැලිකඩ සිරගෙදර යළි උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තාවේ. මෙම තත්වය සම්බන්ධයෙන් මාධ්‍යයෙන් වසන් කිරීමටද බන්ධනා ගාර බලධාරීන් වෙර දරමින් සිටන බවත් පැවසේ.

මෙම සිරකරුවා අත ලියකියවිලි කීපයක් තිබෙන බවත්, බන්ධනාගාරයේ සිරකරුවන් සම්බන්ධයෙන් එහි උසස් නිලධාරින් විසින් සිදු කළ යම් කූට වැඩ කටයුතු මෙම ලේඛණවලින් අනාවරණය වීමට ඉඩ තිබෙන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මෙම තත්වය මතුවීමත් සමත ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් වැලිකඩ බන්ධනාගාරය ඇතුළත සහ පිටත දැවැන්ත ආරක්ෂක වැඩ පිළිවෙලක් ඊයේ (11) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කර ඇතැයි වාර්තා වන අතර උපවාසයේ නිරතවන්නන්ට සහය පිණිස සිරකුරුවන් 300ක පමණ අද (12) දවල් ආහාර වර්ජනයක් කර ඇතැයිද තොරතුරු වාර්තාවේ. ආරක්ෂක වැඩපිළිවෙලට රහස් පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බලකා සෙබලුන් යොදවා සිටිතැයිද වාර්තා වේ.

මේ වනවිට දීර්ඝ කාලීන සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් තිදෙනෙකු වහලයක් මතට නැග උපවාසයේ නිරතව සිටී.

බන්ධනාගාරයේ නිලධාරින් සියලු දෙනාගේ නිවාඩු ඊයේ (12) සවස සිට අත්හිටුවනු ලැබූ බවද වාර්තා වේ.

කිසියම් කැරළිකාර තත්ත්වයක් මතු වීමට තිබෙන ඉඩකඩ වළකා ගැනීම අරමුණු කරගෙන සියලුම බන්ධනාගාර නිලධාරිට දැඩි අවධානයෙන් රාජකාරි කරන ලෙසට එහි අධිකාරිය විසින් උපදෙස් දී තිබේ. මේ අතර සිරකරුවන් නැග සිටින වහලය යට මැදිරිවල රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් වහාම වෙනත් වාට්ටුවකට රැගෙන ගිය බවද පැවසේ.

මෙවැනිම උපවාසයක නිරතව සිටි තවත් දේශපාලන සිරකරුවෙකු අතුරුදහන්වී ඇති පුවතක්ද අප විසින් බසුගිය පෙබරවාරි 27වනදා පුවතක් මගින් අනාවරණය කර සිටියේය.

ආශ්‍රිත පුවත්

උපවාසයේ නිරතවූ දේශපාලන සිරකරුවා අතුරුදහන්. වහාම සිරකරුවන්ට ආරක්ෂාව සපයන්න – මැගසින් සිරකරුවන්

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්