පසුගිය දිනවල හට ගත් ධාරානිපාත වර්ෂාව නිසා මහවැලි ගඟ පිටාර ගලා පේරාදෙණිය විශ්ව විද්යාලය යටවීම ඇතුළු දැවැන්ත ව්යසනයට හේතු වූ කරුණු පිළිබඳව ක්ෂේත්ර ගණනාවක විද්යාඥයින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
සියවස් කිහිපයකට පසුව, ඇති වූ දරුණු ම වර්ෂාපතනයට සමස්ත දිවයිනම ගොදුරු වීම ප්රධාන හේතුවක් බව මේ වනවිටත් පෙන්වා දී තිබේ. ඒ අතර, පේරාදෙණිය විශ්ව විද්යාලය දක්වා ජල ගැල්ම ඇතිවීමට ප්රබල හේතුවක් වී ඇත්තේ මහවැලි ගඟ ගන්ඔරුවෙන් වැලමිටි හන්දියක ආකාරයට ආපසු හැරීම නිසා බව භූ විද්යාඥයින් පෙන්වා දී ඇත. දරුණු ජල කඳකට ඔරොත්තු දීමේ හැකියාව එලෙස ආපසු හැරීම කිසිසේත්ම නොමැති බවත්, ඒ නිසා ජල කඳ ගිගුම් දෙන ආකාරයෙන් ඉහළ නැගි බවත් පෙන්වා දී ඇත.
කටුගස්තොට දක්වා සහ එම ස්ථානයෙන් පහළට ගඟ ගලා යාමේ දී එවැනි හැරීම් නොමැති බවත්, සැඩ පහරකින් යුතුව ගලා ගෙන ගිය බවත් පෙන්වා දී තිබේ.












