අද (30) ප්රකාශයට පත් කළ 2014 වසරේ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්රථමයා වීමට කොළඹ නාලන්දා විද්යාලයේ තරිඳු නිර්මාල් වික්රමසිංහ සිසුවා සමත් වී තිබේ.
දෙවැනියාට වැඩිම ලකුණු ලබා ගෙන ඇත්තේ ගම්පහ සිරිකුරුස විද්යාලයේ නවංජනා ජයවර්ධන සිසුවිය වන අතර තෙවැනිට ලකුණු ලබා ගත් තිදෙනෙකු සිටීම මෙවර විශේෂත්වයකි. ඒ අනුව කොළඹ විශාඛා විද්යාලයේ අමාෂි නිවර්තනා සිසුවියද, ගම්පහ රත්නාවලී බාලිකා විද්යාලයේ නුවනි නෙත්සරණි සිසුවියද, මහනුවර මහාමායා බාලිකාවේ හංසපානි අබේසිංහ සිසුවියද වේ.









