සාමූහික ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරනවා… – පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමි

සාමූහික ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරනවා… – පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමි

“ගුරු කේන්ද්‍රීය ක‍්‍රමයට වඩා කණ්ඩායම් සහභාගිත්වයට මුල්තැන දුන් අද ලෝකයට ගැලපෙන සාමූහික ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප‍්‍රතිපත්තියට ඉක්මනින්ම යොමුවීමේ අවශ්‍යතාවය අපි අවධාරණය කර සිටිනවා.” යැයි ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ පවසති.

ඒ හිමිපානෝ මේ බව සඳහන් කළේ පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.

එම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සිසිර රාජපක්ෂ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම, ප්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය , වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත‍්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ,

 “අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාතික ව්‍යාපාරය පුළුල් කථිකාවක් මහනුවරින් ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් අදහස් දක්වන්න මුල්ම අවස්ථාව ජාතික භික්ෂු පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ජාතික භික්ෂු පෙරමුණේ නියෝජිතයෙක් වගේම වසර 35ක් පාසලක සේවය කරමින් ඉන්නා අතර නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ 2026දී 01 වසර සහ 06 වසරට හඳුන්වා දෙන්න සියලූ කටයුතු සූදානම් කර අවසන්. මොඩියුලයක ඇති කළ දෝෂයක් නිසා මුළු වැඩපිළිවෙළම ආපසු හරවන්න පිරිසක් කි‍්‍රයාකරමින් සිටින බව අපි දකිනවා. ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කුලූනු පහක් මත පවතින බව අපි දන්නවා. නමුත් ඒ පිළිබඳව දැනුවත් පිරිසක් වගේම හරි අවබෝධයක් නැති පිරිසකුත් සිටින බව පැහැදැදිලි වුණා. ඒ නිසා ගිහි පාර්ශවයෙන් වගේම පැවිදි පාර්ශ්වයෙන් දක්වන අදහස් දෙස බැලුවාම දෘෂ්‍යාභාධිත පුද්ගලයා අලියා පිළිබඳව අතගාලා බලලා අදහස් දැක්වූවා වගේ විවිධ කරුණු දක්වනවා. ඒ අතර මේ තරම් පිරිසක් දැනුවත් වීමට පැමිණීම පිළිබඳ සතුටු වෙනවා.

මොඩියුල කියන්නේ මොනවාද? අච්චු පොත් නැත්තේ ඇයි. විභාග නැත්නම් දැනුම මනින්නේ කොහොමද? ආගම හා සාරධර්ම කියන මොඩියුලක් ආවේ ඇයි? ආදී වශයෙන් ප‍්‍රශ්න සමාජයේ පවතිනවා. අලුත් වැඩපිළිවෙළ දරුවන් එක්ක ගෙන යන්න පහසුවන බව මම සිදුකළ අත්හදා බැලීමකින් පැහැදිලි වුණා. පන්ති කාමරය තුළ වද දෙන, දරුවන් අපහසුතාවයට පත්වෙන තත්වයක් කාලාන්තරයක් තිස්සේ අපි දැක්කා. නූතන දරු පරම්පරාව වෙනුවෙන් විෂය නිර්දේශ සකස් කිරීම, යටිතල පහසුකම් සැකසීම, ඉගැන්වීමේ ක‍්‍රමය වශයෙන් පියවරෙන් පියවර ඉදිරියට යන ප‍්‍රතිසංස්කරණ මාලාවක් තිබෙන්නේ. ඵලදායීව සකස් කර තිබෙන ප‍්‍රතිසංස්කරණ වසරකින් කල්දාන්න ඉඩදෙනවාද, එය හැකි ඉක්මනින් කි‍්‍රයාත්මක කරනවාද කියන දේ අපි හැමෝම කල්පනා කළ යුතු වෙනවා. ගුරු කේන්ද්‍රීය ක‍්‍රමයට වඩා කණ්ඩායම් සහභාගිත්වයට මුල්තැන දුන් අද ලෝකයට ගැලපෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට ඉක්මනින්ම යොමුවීමේ අවශ්‍යතාවය අපි අවධාරණය කර සිටිනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්