පසුගියදා ශ්රී ලංකා රජයත් ඉන්දියනු රජයත් අතර ඇතිකරගත් ගිවිසුමට අනුව මෙරට කුඩා විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීම කෙරෙහි ආණ්ඩුවේ තිබු ව්යාපෘති මගහැර යාමට විදුලි බල මණ්ඩල බලධාරීන්ට සන්ධාන ආණ්ඩුවේ ප්රබලයින් විසින් උපදෙස් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ බව වඩාත් හොඳින් තහවුරු වන්නේ කුඩා ජල විදුලි බලාගාර නිෂ්පාදකයන්ගේ එකඟතා අනුව රුපියල් 16.70ට විදුලි ඒකකයක් ලබාගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට නිර්දේශ කර තිබියදීත් එය මගහරිමින් සාම්පූර් ගල් අඟුරු බලාගාරයෙන් විදුලිය ඒකකයක් රුපියල් 18.00ට මිලදී ගැනීමට ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර තිබීමයි.
ආණ්ඩුව අනුගමනය කරමින් සිටින මෙම ක්රියාව නිසා කුඩා ජල විදුලි බලාගාර 35ක පමණ කටයුතු අතරමග ඇනහිට ඇති අතර 2012 ජනවාරි 01වැනිදායින් පසුව අලුත් කුඩා විදුලි බලාගාර ඉදි කිරීමට උනන්දුවූ සමාගම් බලවත් අසීරුවට පත්ව සිටී.









