ස්පුට්නික් එක මාත්‍රාවක් ගත්තම ඇති බව නිව්යෝක් ටයිම්ස් බලලා කිව්වේ ජයසුමනලු… නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන

ස්පුට්නික් එක මාත්‍රාවක් ගත්තම ඇති බව නිව්යෝක් ටයිම්ස් බලලා කිව්වේ ජයසුමනලු… නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන

ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා දීම ප්‍රමාණවත් බව ජනාධිපති කාර්ය සාධක බලකායේ දී පැවසුවේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන බව ඊයෙ (31) හිරු නාලිකාවේ සළකුණ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති, මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී. ඒ අවස්ථාවේ කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ඒ ස්ථානයේ සිටි බවත් ඔහු ඒ ගැන අදහස ගන්නට ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ජයසුමනගේ ප්‍රකාශයෙන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ජයසුමනගේ ප්‍රකාශය තහවුරු කිරීමට නිල ලියකියවිලි ඇත්දැයි මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළත් ඒවා ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අසමත් විය. වැඩසටහන් අවසන් වීමට මොහොතකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ජංගම දුරකථනයට ලැබුණු ලිපියක් රටට පෙන්වීය. ඒ තිබුණේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත ස්පුට්නික් එන්නත සම්බන්ධයෙන් පලකළ ප්‍රවෘත්තියකි.

ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් බව මහනුවර පැවැති එන්නත් කරන වැඩ සටහනේ දී කෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි. මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත් වැඩසටහනේදී එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගැනීමට පමණක් තමන් කැමති බව ජනතාවගෙන් අත්සන් ලබාගෙන තිබුණි. මේ පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එවැනි කිසිදු උපදෙසක් ලබාදී නැති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්