මේ වනවිට සාමාන්ය වෙළඳපොලේ සහල් කිලෝවක මිල රුපියල් 200ත් 240ත් අතර මිල ගණන්වලින් පවතින බවත් මෙය දරාගත නොහැකි මට්ටමක ඉහළ යාමක් බවත් පාරිභෝගිකයෝ පවසති.
සහන මිලකට සතොස වෙළඳසල් මගින් සහල් අලෙවි කෙරෙන බව වෙළඳ අමාත්යාංශය ප්රකාශ කළද ආනයනික සහල් ඉල්ලුමට සරිලන ලෙසින් නොමැති බව සතොස වෙළඳසල්වලින් වාර්තා වේ.
දිවයිනේ බොහෝ ප්රදේශයන්හි සතොස වෙළඳසල්වල සහල්, වියළි මිරිස් ඇතුලු භාණ්ඩවල හිඟයක් පවතින ආකාරයක් දක්නට ඇති අතර අද ගම්පහ සමූපකාර වෙළඳසල්වල දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 200ක මිලකට අලෙවි කෙරුනු ආකාරයක් දක්නට තිබේ.
මෙම තත්වය සැලකිල්ලට ගෙන සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කරමින් මිල ගණන් අඩු කිරීමට රජය කටයුතු කළ යුතු බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.










