සහල්, පිටි, සීනි හිඟයක්

සහල්, පිටි, සීනි හිඟයක්

මේ වනවිට රටේ බොහෝ ප්‍රදේශවල සහල්, පිටි සහ සීනි හිඟයක් නිර්මාණය වී ඇති අතර ඉතා විශාල වශයෙන් සිල්ලර මිල ගණන් වැඩි වී ඇති බව මාධ්‍ය වාර්තාවල පළවේ.

රටේ බොහෝ ප්‍රදේශවල මාස් කන්නයේ වී අස්වැන්න නෙළමින් තිබෙන අතරතුර සහල් හිඟයක් ඇතිවීම සහ ඉතා ඉහල මිල ගණන් නියම වී තිබී විශේෂත්වයකි. නාඩු සහල් කිලෝවක් රුපියල් 170/-ඉක්මවා ගොස් තිබෙන අතර සම්බා සහල් කිලෝවක් රුපියල් 230/- ඉක්මවා ගොස් තිබේ.

එහෙත් මහ බැංකු සතිපතා වාර්තාවල මෙයට වඩා බෙහෙවින් අඩු මිලක් සහල් සම්බන්ධයෙන් දක්වා තිබේ. මෙරට ජනතාවගේ මූලික ආහාරයක් වන තිරිඟු පිටි හිඟයක් ද නිර්මාණය වී තිබේ. මේ නිසා බේකරි දහසකට අධික සංඛ්‍යාවක් දැනටමත් වසා දමා ඇති අතර ක්‍රියාත්මකව පවතින බේකරි සඳහා ද පිටි සහ ගෑස් හිඟය දැඩිව බලපා ඇත.

මේ අතර සමහර ප්‍රදේශවල සිනී හිඟයක් පවතින අතර ඊට අමතරව පොල් තෙල්, කරවල, වියලි හාල්මැස්සන් සහ වියලි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකද හිඟයක් සහ මිල ඉහල යාමක් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්