මරාගෙන මැරෙණ බෝම්බ ප්රහාර එල්ලකරන සහරාන්ලා මෙරට නිර්මාණය වූයේ අලුත්ගම, දිගන වැනි ප්රදේශවලදී ඇතිවූ ජාතිවාදී ගැටුම් හේතුවෙන් බවත් එය ප්රභාකරන්ලා නිර්මාණය වීමට බලපෑ 83 කළු ජූලියට සමාන අවස්ථාවක් බවත් අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්රි ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසූවේ මාධ්ය ආයතන හරහා ගෙනයන ජාතීන් අතර අසමගිය වර්ධනය කිරීමේ ප්රචාරයන් නතර කර ජාතීන් අතර සමගිය ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි. එසේ නොවන්නේ නම් ඉදිරියේදී විශාල අනතුරකට මුහුණදීමට සිදුවනු ඇති බවත් අධිකරණ ඇමතිවරයා අවධාරණය කළේය.









