සවුදි, ඩුබායි, කුවේට් ඇතුළු රටවල් රැසකින් එන ගුවන් මගීන්ට ලංකාවෙන් තහනමක්

සවුදි, ඩුබායි, කුවේට් ඇතුළු රටවල් රැසකින් එන ගුවන් මගීන්ට ලංකාවෙන් තහනමක්

පවතින කොවිඩ් – 19 අවදානම හේතුවෙන් එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 13 වනදා දක්වා තවත් රටවල් 06ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා එම තහනම පනවා ඇති බවය.

ඊට අමතරව ඊයේ (28) සිට ජුලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොට්ස්වානා, ලෙසතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහාද මෙරටට පැමිණීමේ තහනමක්ද පනවා ඇත.

එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම්වලටද දැනුම් දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්