රැඳවුම් නියෝග මත බන්ධනාගාර ගත කර සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉවත දමනු ලැබීය.
පොදු මහජන සුබ සිද්ධිය බව කියමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විශ්රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ ශාන්ත ජයතිලක නම් පුද්ගලයා ය. ඔහු සුරේශ් සලේ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ මහා මාර්ගය මතට සුනඛයෙකු ලෙසින් ආහාර (බත්) අනුභව කර පෙන්වීය. ගුවන් හමුදාවේ පදක්කම් පැළඳ ගනිමින් එවැනි ක්රියාවක් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණ කළ යුතු බවට ප්රබල ජන මතයක් ඇතිවිය.
ශ්රේෂ්ඨාධිකරණය වෙත ඔහු ඉදිරිපත් කර තිබූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම කුමන පදනමකින් ඉදිරිපත් කර තිබෙන්නේ දැයි විනිසුරු මඩුල්ල ප්රශ්න කළ අතර, එයට පිළිගත හැකි නීතිමය පදනමක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසා එම පෙත්සම ඉවත දමනු ලැබීය.










