
අද පැවැත්වෙන සරසවි ඇදුරන්ගේ විරෝධතාවය සදහා සහභාගීවීමට පැමිනි මොරටුව විශ්වවිද්යාලයේ ආචාර්යවරුන්ට පොලීසියෙන් බාධාකර ඇතැයි වාර්තාවේ.
එම ආචාර්යවරුන් තම විශ්වවිද්යාලයේ සිට බස්රථයකින් පිටත්වී ඇති අතර කටුබැද්ද පොලිස් මුරපොලේදී ඉන් ඉදිරියට ධාවනයේ යෙදීමට අවසර නොදී නවතාගෙන තිබේ. නමුත් ඒ අවස්ථාවේදී ක්රියාත්මක වූ ආචාර්ය වරුන් නැගූ ප්රශ්න හමුවේ පොලිස් නිලධාරීන්ට ආචාර්යවරුන් රැගත් බස් රථයට ඉන් ඉදිරියට යාමට අවසර ලබාදී ඇත.
විශ්ව විද්යාල පද්ධතිය තුළ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වයට විරෝධය පළකරමින් විශ්ව විද්යාල ආචාර්යවරුන් අද (26) දිනයේ පවත්වනු ලබන සංකේත වැඩ වර්ජනයට සමගාමීව මෙම විරෝධතා පෙලපාලිය සහ සම්මනුත්රණය සංවිධානයකර තිබේ.
පස්වරු 02.00 ට කොළඹ විශ්ව විද්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පෙලපාලිය කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටින් අවසන් කිරීමට බලාපොරොත්තුවන බවත් පස්වරු 03.00ට මහජන පුස්තකාලයේදී විරෝධතා සම්මන්ත්රණය පැවැත්වෙන බවත් විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා පවසයි.
මෙරට විශ්ව විද්යාල සියල්ලම පාහේ නියෝජනය කරමින් නියෝජිතයින් මෙම විරෝධතා පෙළපාලියට සහභාගී වන බව ඔහු සඳහන් කරයි.









