සරත් ෆොන්සේකාගේ උත්සාහය වරදී

අසාධාරණ ලෙස තමන්ට අහිමි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නැවත ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම ඊයේ (15) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරන පුද්ගලායා වන අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ෆොන්සේකා මහතාට පොදු සමාව ලබා දුන් නිසා අහිමි කළ මන්ත්‍රී ධූරය යළි හිමි විය යුතු බවට අදාළ පෙත්සම මගින් ඉල්ලා තිබේ. එයට විරෝධය දක්වමින් නීතිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ එම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.  කරුණු සලකා බැලූ අගවිනිසුරුතුමන් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්