SAITM විරෝධයෙන් පුත්තලමෙත් පාසල් රැසක් වැසෙයි

SAITM විරෝධයෙන් පුත්තලමෙත් පාසල් රැසක් වැසෙයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසික රන ලෙස ආණ්ඩුවට බලකරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයතන තුළ අද (21) දින පවත්වන වැඩවර්ජනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේද පාසල් රැසක ගුරුවරු ඉගෙන්විම්වල නොයෙදි ආපසු යාම නිසා පාසල් කටයුතු සම්පුර්ණයෙන්ම නැවතී තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වල ගුරුවරුන් තැපැල් කාර්යාලවලින් ලෙඩ නිවාඩු විදුලි පණිවිඩ එවිමට කටයුතු කර ඇත.

ගුරුවරුන් පාසල්වල ඉගෙන්විම් කටයුතුවලට එක් නොවිම නිසා බොහෝ පාසල්වල දරුවන් ආපසු නිවෙස් වෙත ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්