සමූපකාරයේ කෝටි 56ක මූල්‍ය වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සමූපකාරයේ කෝටි 56ක මූල්‍ය වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සී/ස නැගනෙහිර හේවාගම් කෝරළයේ සමූපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 56ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඊයේ (05) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සී/ස නැගනෙහිර හේවාගම් කෝරළයේ සමූපකාර සමිතිය හා තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ අවිස්සාවේල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක වන්දන සූරියආරච්චි මහතා විසින් ජවිපෙ පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එම අවස්ථාවට සී/ස නැගනෙහිර හේවාගම් කෝරළයේ සමූපකාර සමිතියේ තැන්පත් කරුවන් පිරිසයක්ද ඉදිරිපත් වී සිටියහ.

2009 වසරේ පැවති රාජපක්ෂ පාලනයේ සහාය ඇතිව මෙම සමූපකාර සමිතියට පත්වූ පාලක සභාව විසින් 2012 වසරේ සිට ව්‍යාජ මූල්‍ය ආයතනයක අදාල මුදල් තැන්පත් කිරීම නිසා කෝටි 56ක මුදලක් මේ වනවිට තැන්පත් කරුවන්ට අහිමි වී ඇති බවත්,

2009 වසරේ සිට නිලවරණ නොපවත්වා ව්‍යවස්ථා විරෝධීව බලයේ සිටි සමූපකාර පාලක සභාව 2012 වර්ෂයේ සිට මෙම ව්‍යාජ ආයතනයේ මුදල් තැන්පත් කිරීම හේතුවෙන් තැන්පත්කරුවන්ගේ මුදල් අහිමි කර ඇති බවත්,

පොදු දේපල පනත යටතේ ක්‍රියාත්මක වන සමූපකාර සමිතිය සමූපකාර පනත පවා උල්ලංඝනය කරමින් මෙම මුදල් ව්‍යාජ මූල්‍ය සමාගමක තැන්පත් කිරීම නිසා මෙම වංචාව සිදු කර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්