සමස්ත කාන්තා පරපුරටම ඉදිරියට එන්න ධෛර්යය දුන්, ශක්තිය දුන්, මඟපෙන්වූ සහ නායකත්වය දුන් එකම දේශපාලන ව්යාපාරය ජාතික ජන බලවේගය පමණක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්රි පෝල්රාජ් අවධාරණය කරයි.
ඇය මේ බව අවධාරණය කළේ, ඊයේ (10) හොමාගමදී පැවති කොළඹ දිස්ත්රික් කාන්තා සමුළුව අමතමිනි.
“ගැහැණු අපි එකමිටට මාලිමාවට” යන තේමාවෙන් පවත්වනු ලබන එම සමුළුවේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්රි පෝල්රාජ් වැඩිදුරටත් දැක්වූ අදහස්,
“මෙතෙක් රට පාලනය කළ අය ලංකාවට අත් කර දී තිබෙන සමාජ, ආර්ථික, දේශපාලනික පරිහානිය නිසා අපි හැමෝම දැකපු සිහින බොඳ කර තිබෙනවා. අපි මෙතෙක් කොටු වී සිටි දේශපාලන පක්ෂ අමතක කර අපේ දරුවන් වෙනුවෙන් නිදහසේ හුස්ම ගත හැකි රටක් සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම වෙනුවෙන් බිහි කරන්න අධිෂ්ඨානශීලීව පෙළගැසී සිටිනවා. ලෝකයේ සෙසු රටවල් අත්පත් කරගෙන තිබෙන සංස්කෘතික සහ සමාජයීය නිදහස අහිමි කර තිබෙන්නේ පවතින දූෂිත දේශපාලන ක්රමය විසිනුයි. මේ කොල්ලකාරී ආර්ථිකය සහ දූෂිත දේශපාලනය අවසන් කර ඉදිරියට යන්න අප සියලු දෙනා ප්රායෝගිකව පෙළගැසී සිටිනවා. නමුත්, මෙතෙක් රට පාලනය කළ පිරිස් අපව බෙදා වෙන් කර ඔවුන්ගේ පරම්පරාවල් වෙනුවෙන් සියලු කටයුතු සිදු කර ගත්තා. සාම්ප්රදායිකව වැඩිහිටි උරුමයෙන් දේශපාලනය කරනවා වෙනුවට කාන්තාවන්ට සැබෑ ලෙසම ජයග්රහණ අත්පත් කරගත හැකි ගැහැනු අපි එකමිටට ජාතික ජන බලවේගය වටා පෙළගැසෙමින් සිටිනවා.
සමස්ත කාන්තා පරපුරටම ඉදිරියට එන්න ධෛර්යය දුන්, ශක්තිය දුන්, මඟපෙන්වූ සහ නායකත්වය දුන් එකම දේශපාලන ව්යාපාරය ජාතික ජන බලවේගය පමණක් බව අපි ඉතා අවධාරණයෙන් කියනවා. මෙයින් ඉදිරියට අපි නිර්මාණය කරගත යුත්තේ මොන වාගේ රටක්ද? සාමකාමී, සහජීවනයෙන් යුක්ත, නිදහස් සංස්කෘතියක් බිහි කරන පාලනයක් අපට ඕනෑ කරනවා. ඒ තුළ ගැහැනුන් හැටියට අපි අසාධාරණයට, අයුක්තියට සහ අසමානත්වයට ඇදදමන සියලු කොන්දේසි ඉවත් කරමින්, ආර්ථික සාධාරණත්වය සහිත සංස්කෘතික නිදහසක් නිර්මාණය කරගත යුතුයි. එවැනි පාලනයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් අපි රොදබඳිමින් සිටිනවා. එම පාලනය නිර්මාණය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. මේ දක්වා අප ගමන් කළ මාවතේ හෙළා තිබූ අභියෝග ජයගත හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකමිටට එකතු වීමෙන් පමණයි. අපේ දරුවන් වෙනුවෙන් බාධාවකින් තොරව ඉදිරියට යා හැකි රටක් නිර්මාණය කිරීමේ වගකීම අප අපේ දෙඋර මත පටවාගෙන තිබෙනවා. මෙතෙක් එකතු නොවූ සියලු දෙනාටත් අප සමඟ එකතු වන ලෙස ආරාධනා කරනවා.”















