සබරගමුව සරසවි සිසුන් 50ක් රෝහලේ

පාචනය රෝගී තත්ත්වයක් හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු පමණ බළංගොඩ පඹහින්න ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

පසුගිය දින කිහිපයේදී සිසුන් 30 දෙනෙකුට අධික පිරිසක් වරින්වර රෝහලට ඇතුළත් කළ බවත් මේ වන විට සිසුන් හත්දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛද්‍ය රෝහණ ලියනගේ මහතා පැවසීය.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල සිටින සිසුන් මෙලෙස රෝහල්ගත කරතිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්