සන්නස්ගල අත්අඩංගුවට

සන්නස්ගල අත්අඩංගුවට

ප්‍රකට සිංහල ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය වංචා චෝදනාවකට අදාළව වන අතර අත්අඩංගුවට ගත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා තමන්ගෙන් රුපියල් මිලියනයක මුදල් ලබාගෙන එම චිත්‍රපටය නිෂ්පාදන නොකළ බවත් රුපියල් මිලියනයක තම මුදල් ආපසු ගෙවීම පැහැර හැර ඇති බවත් සඳහන් කරමින් නුවන් ප්‍රදීප් නැමැත්තෙකු විසින් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්