පසුගියදා සේවකයන් අතට පත් වූ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව සම්බන්ධ හඬ පටයකට අදාළව සමූපකාර තොගවෙළෙඳ සංස්ථාව හෙවත් සතොස සභාපති නීතීඥ වෙනුර ගුණවර්ධන හා එහි ප්රවාහන කළමනාකාර ඉන්දික රත්නමල යන දෙදෙනාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන කටයුතු කර තිබේ.
මෙම හඬ පටයට අදාලව මෙම වංචාව සීනී මිලදී ගැනීමට අදාල බවත් ඊට අමතරව තවත් වංචා රැසක් මෙම හඬපටය හරහා අනාවරණය වන බවත් වාර්තා වේ.
ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවි කිරීම, මුං ඇට මිලදි ගැනීම ඇතුලු කාරණා රැසක් වෙනුවෙන් ප්රශ්නගත සභාපතිවරයා සිය ගෝලයා වු එම ආයතනයේ ප්රවාහන අංශයේ කළමණාකාරු සමග එක්ව අයථා ගනුදෙනු රැසක් සිදුකර ඇති බවද එම හඬ පටයෙන් හෙලිවී ඇතැයිද වාර්ත වේ.










