සජින් වාස් නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත අද (24) නැවතත් ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන මස 7 වැනි දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, එම වාහන දෙකක් අතුරුදන් කිරීම ඇතුළු පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා අතර වේ.  සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක්ද යොමුකර ඇති අතර  එය ජූලි මස 3 වැනි දින සළකා බැලීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්