විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ 59 වැනි උපන්දිනයට සමගාමීව චරිත් අබේසිංහ විසින් පොල් ගැසීමේ ක්රියාමාර්ගයක් සංවිධානය කර තිබුණේ අග්රාමාත්ය හරිනි අමරසූරිය කෙරෙහි පෞද්ගලික ද්වේශයකින් බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
පසුගිය මහා මැතිවරණයේදී සජිත් ප්රේමදාස වෙත කොළඹ දිස්ත්රික්කයෙන් මනාප එක්ලක්ෂ හතලිස්පන්දහස් හයසිය එකොලහක් (145,611) අගමැති ආචාර්ය හරිනි අමරසූරියට මනාප හයලක්ෂ හතලිස් පන්දහස් දෙසිය අසූ නවයක් (645,289) ලැබී තිබීම පිළිබඳව මෙතෙක් පැවති ඊර්ශ්යාව පිටකර ගැනීමට යොදන ලද බාල උපක්රමයක් බව විශ්ලේෂකයන්ගේ මතයයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු හෙළි කරන්නේ මෙයට පෙර විපක්ෂය ඉදිරිපත් කළ අත්සන් ගැනීමේ ව්යාපාරවලදී සජිත් ප්රේමදාස පෙරට නොපැමිණි අතර අගමැතිට එරෙහිව ඉදිරිපත් කිරීමට ක්රියාකරණ විශ්වාසභංග යෝජනාවේ මුලින්ම අත්සන් තැබීම ඔහු කර තිබීමයි.
විශ්ලේෂකයන් තවදුරටත් පෙන්වා දෙන්නේ 2020 අගෝස්තු මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කයෙන් සජිත් ප්රේමදාස මනාප තුන්ලක්ෂ පන්දහස් හත්සිය හතලිස් හතරක් (305,744) ලබාගෙන ඇති අතර ආචාර්ය හරිනී අමරසූරිය ඉදිරිපත් වූ පළවෙනි මැතිවරණයේදීම සජිත් ප්රේමදාස මෙන් දෙගුණයකටත් වඩා වැඩි ජනතා ප්රසාදයක් ලබාගෙන තිබූ බවය.
එමෙන්ම 2020 මැතිවරණයේදී ලබා ගත් 305,744ට වඩා 50%කින් පමණ සජිත් ප්රේමදාස 2024 මහා මැතිවරණයේදී ලබා ගත් මණාප සංඛ්යාව බිඳවැටී ඇති බවත් කොළඹ දිස්ත්රික්කයෙන් සමගි ජනබලවේගය ඡන්ද 208,249ක් ලබාගෙන තිබුණත් සජිත් ප්රේමදාස වෙනුවෙන් මනාප පල කිරීමේදී 145,611ක් දක්වා තම පාක්ෂිකයන්ගේ මනාපයෙන් පවා පහත වැටී ඇති බවත් මෙම තත්වය තුළ පොල් ගැසීම සහ අගමැතිගේ පෞද්ගලික ජීවිතයට අපහාස කිරීම දක්වා බංකොලොත් තත්වයකට වැටී ඇති බවත් පෙන්වා දී තිබේ.










