රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය (GMOA) අද (23) සිට ආරම්භ කරන අත්තනෝමතික වැඩවර්ජනයට සහාය දක්වමින් සජිත් ප්රේමදාසගේ සමගි ජන බලවේගය කටයුතු කරන අතර වැඩවර්ජන සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව මාධ්ය සාක්ච්ඡා පැවැත්වීමටද සැලසුම් කරමින් නිකුත් කර ඇති කෙටි පණිවිඩයක් මේ වනවිට ඔවුන්ගේ කවයෙන් පිටතට පැමිණ තිබේ.
සමගි ජන බලවේගයේ කෘත්යාධිකාරී මණ්ඩල සාමාජිකයකු වන වෛද්ය චමල් සංජීව විසින් මෙම වැඩවර්ජනයට සහාය දක්වන ලෙස වෛද්යවරුන්ගෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව ඔහු නිදහස් සෞඛ්ය සේවාව සහ වෛද්යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්ය අමාත්යාංශය ලබාදුන් එකඟතාව ක්රියාත්මක කිරීමට අසමත්වීමත් අධ්යාපන ප්රතිපත්ති කෙරෙහි දක්වන තරමේ අවදානයක් වෛද්යවරු කෙරෙහි නොදක්වන බවත් උලුප්පා දක්වමින් මධ්ය සාකච්ඡා පවත්වන ලෙසද ඔහු එම කෙටි පණිවිඩය මගින් දන්වා ඇත.
මූලාශ්ර දිනමිණ











