සංචාරක වීසා මත ශ්රී ලංකාවට පැමිණ කුලී වැඩ කරමින් සිටි ඉන්දියානු ජාතිකයන් තිදෙනකු අක්කරපත්තුව පොලිස් බල ප්රදේශයේ පාලමුණ මුල්ලිගල වෙල්යායකදී අක්කරපත්තු පොලිසිය මගින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර විශේෂ කාර්ය අංශයට ලැබුණු තොරතුරක් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් ඒ වනවිටත් එම වෙල්යායේ න්ත්රානුසාරයෙන් ගොයම් කපමින් සිටි ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අක්කරපත්තුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අක්කරපත්තුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ආශ්රිත පුවත්
මහින්ද චින්තනයේ සංචාරකයෝ මෙහෙමයි
සංචාරක වීසාවලින් ඇවිල්ලා සමනල් දඩයමේ ගිහිල්ලා









