පසුගිය දිනෙක ටියුනීසියානු විදේශීය සංචාරකයින් රැසක් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් ඝාතනය කිරීමත් සමග එරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව වාර්තා වේ.
එලෙස ඝාතනයට ලක්වූ විදේශිකයින්ගෙන් බහුතරයක් බ්රිතාන්ය පුරවැසියන් වන අතර බ්රිතාන්ය රජය නිවේදනය කර ඇත්තේ ටියුනීසියාවේ සිටින සියලුම බ්රිතාන්ය පුරවැසියන් එරටින් පිටවන ලෙසය. එසේම අත්යාවශ්ය කරුණකදී හැර ටියුනීසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසටද බ්රිතාන්ය උපදෙස් දී තිබේ. ත්රස්ත ප්රහාරය වැලැක්වීමට අපොහොසත් වීම පිළිබඳව ටියුනීසියානු ආණ්ඩුවේ ක්රියාකලාපයද විවේචනය කර තිබේ.
ටියුනීසියානු සංචාරක කර්මාන්තය කඩා වැටීමට බල පාන මෙම ප්රකාශය ඉවත් කර ගැනීම සඳහා එරට සංචාරක හා ගමනාගමන ඇමතිවරයා හා කතානායකවරයා බ්රිතාන්යයට පැමැණ සාකච්ඡා ආරම්භ කර ඇති අතර සිදු වූ ඝාතන පිළිබඳව කණගාටුව ප්රකාශ කර තිබේ.
බ්රිතාන්යයේ මෙම ප්රකාශයත් සමග ටියුනීසියවේ සංචාරය කරන අනෙකුත් විදේශීය සංචාරකයින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු වීමේ අනතුරක් පවතින අතර එය ටියුනීසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු බවට අනතුරු ඇඟවේ.









