සංචරණසීමා තවත් ලිහිල් කරයි…

සංචරණසීමා තවත් ලිහිල් කරයි…

කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් පණවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (16) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ආගමික ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන, ඔට්ටු ඇල්ලීමේ ස්ථාන, ශාලා සංගීත සංදර්ශන, ත්‍රාසජනක ක්‍රියාකාරකම් ස්ථාන සහ භෞතික සම්බන්ධ නොවන කණ්ඩායම් ක්‍රීඩා තරඟ සඳහා මේ අනුව සීමා ලිහිල්කර තිබේ.

එම නිවේදනය අනුව ගෘහස්ථ සංගීත සංදර්ශන අදාල ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50ක ප්‍රේක්‍ෂකයන් සහිතව පැවැත්වීමට අවසර හිමිව ඇති අතර සැණකෙළි සහ සංදර්ශන සඳහා අවසර හිමිව නැත.

සත්ව උද්‍යානයවලට වරකට ඇතුළත්කළ හැකි නරඹන්නන්ගෙන් 25%කි. මෙම සියලුම ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුත්තේ කොවිඩ් – 19 පූර්වආරක්‍ෂක ක්‍රම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්