ආණ්ඩුව අමු නිරුවතින් නීති කඩද්දී මහ සඟරුවණ සිල්ගන්වන්න නීති අණපනත් ගේන්න හදන්නේ මොන විලි ලැජ්ජාවක් ඇතුවදැයි” ජාතික භික්ෂු පෙරමුණ අද (15) මාධ්ය සාකව්ඡාවක් පවත්වමින් එහි ප්රධාන ලේකම් ශාස්ත්රපති වකමුල්ලේ උදිත හිමියෝ වීමසූහ. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්රකාශ කළේ ආණ්ඩුව විසින් භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැනවීමට යන නීති රීති සංඝාධිකරණය ඉක්මවා අනපනත් පැනවීමක් වන බවය.
මෙවැනි නීති පැනවීම භික්ෂූන් වහන්සේලාට පමණක් නොව පොදු ජනතාවටත් වක්රාකාරයෙන් බලපාන බව මෙම අවස්ථාවට සහභාගී වූ ශාස්ත්රපති හඳුගල රතනපාල නාහිමියෝ පෙන්වා දුන්හ. භික්ෂ භික්ෂුනීන් කෙරෙහි විනය නීති ගිහියන් විසින් පැනවීමෙන් පොදු ජනතාවගේ කටයුතුවලට මැදිහත්වීම අවහිර කිරීමෙන් මෙම තත්වය ඇතිවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙහිදී මාධ්යවේදියෙකු නැගූ ප්රශ්නයකට පිළිතුරු දුන් ශාස්ත්රපති වකමුල්ලේ උදිත හිමියෝ පැවසූවේ යන්ත්රමන්ත්ර ගුරුකම් ආදිය පිළිබඳව දැන්වීම් බාරනොගැනීමට මාධ්ය ආයතන දැනුවත් කිරීම කළ හැකි බවය. ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ ජාවාරම්කාරී ආර්ථිකයක් පවත්වාගෙන යමින් සහ පාලකයන් නීති කඩකරමින් පොදු ජනයහපත වෙනුවෙන් ක්රියාකරන භික්ෂූන් වහන්සේලා මර්ධනය කිරීම සඳහා නීති පැනවීමට බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම මාධ්ය හමුව සඳහා කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප්රධාන සංඝනායක, ජාතික භික්ෂු පෙරමුණේ සභාපති, ශාස්ත්රපති හඳුගල රතනපාල නාහිමි. ජාතික භික්ෂු පෙරමුණේ ප්රධාන ලේකම් ශාස්ත්රපති වකමුල්ලේ උදිත හිමි. වෛද්යාචාර්ය පූජ්ය තලහගම ඤාණසිරි හිමි සහභාගී වී සිටියහ.











