කුමාර් සංගක්කාර ක්රිකට් ඉතිහාසයට සටහනක් එක් කරමින් ලකුණු 199 ට ඉනිම නිම කළ දෙවැනි පිතිකරු බවට පත් විය.
සංගක්කාර ලකුණු 199 ක් තිබියදී පිටියෙන් ඉවත්වීමට සිදුවීම ශ්රී ලංකා ක්රිකට් ලෝලීන් කම්පා කල සිදුවීමක් විය. මෙම සිදුවීම පිටුපස ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගනයේ ලකුණු පුවරුවේ දෝෂයක්ද හේතු වී ඇති බව දැනගන්නට ලැබී ඇත.
සංගක්කාර ලකුණු 193 ක් ලබා සිටියදී හයේ පහරක් එල්ල කර අතර එවිට ඔහුගේ ලකුණු 199 ක් විය.නමුත් ලකුණු පුවරුවේ ලකණු 193 වෙනුවට සටහන් වී තිබුනේ ලකුණු 194 කි.
ලකුණු පුවරුවට අනුව තමාගේ ලකුණු 194 ක් බව විශ්වාස කල සංගක්කාර හයේ පහරක් ගැසීමෙන් අනතුරුව තමා ද්විත්ව ශතකය සම්පුර්ණ කල බව සිතා ක්රීඩා පිටියේදි තම පිත්ත ඉහළට ඔසවමින් සිය සතුට ප්රකාශ කළේය.ලකුණු පුවරුවේ සිදුවූ දෝෂයක් හේතුවෙන් එය එලෙස සටහන්ව තිබූ අතර අනතුරු තමාගේ නියම ලකුණු ගණන 200ක් නොව 199ක් බව සංගක්කාර දැන ගත්තේය.නමුත් ලකුණු 200ට අවශ්ය කර තිබූ ඉතිරි ලකුණ එම පන්දුවාරය අවසන්වීමට පෙර සංගක්කාර ලබාගත නොහැකි විය.
ඒ ඊළග ඕවරයේදී අනෙක් අන්තයේ සිටි ශී්ර ලංකා පිලේ අවසන් පිතිකරු නුවන් ප්රදීප් දැවී යාම හේතුවෙනි.
ශ්රීලංකාව – පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ දිනයේ (23) නිමාවට පත්විය. දිනය අවසන් වනවිට සිය පළමු ඉණිම ක්රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලබා සිටී.
ඒ ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමට ලබාගත් ලකුණු 472ට පිළිතුරු වශයෙනි.ඊයේ දිනයේ කුමාර් සංගක්කාර ටෙස්ට් ක්රිකට් දිවියේ 9 වැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට ලකුණු හඹා ගියත් ඔහුට එය සම්පුර්ණ කරගැනීමට නොහැකි වී 29 වන ශතකයෙන් පමණක් සැනසීමට සිදු වුයේ ඔහු එක් අන්තයක සිටියදි කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවීයාම හේතුවෙනි.










