ශී්ර ලාංකික කි්රඩකයන්, විනිසුරුවන් හෝ සේවකයන් ගේ සහභාගීත්වයෙන් යුතු අයි පී එල් කි්රකට් තරග තමිල්නාඩු ප්රාන්තය තුල පැවැත්වීමට ඉඩ නොදෙන බව තමිල්නාඩූ මහ ඇමතිනී ජයලලිතා ජයරාම් පවසයි.
ඉන්දීය අගමැතිවරයාට ලිපියකින් තම තීරණය දැනුම් දී ඇති තමිල්නාඩු මහඇමතිවරිය වැඩිදුරටත් පවසා ඇත්තේ දෙමළ ජනයා සංහාරය කිරීම සම්බන්ධයෙන් තම ප්රාන්තයේ ජනතාව බලවත් වෛරයකින් පසුවන බවත් එමනිසා ශී්ර ලාංකිකයන් සහභාගි වන තරග තමිල්නාඩු ප්රාන්තය තුල පැවැත්වීමට ඉඩ නොදීමට තම රජය තීරණය කල බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අයි පී එල් සභාපති රජීව් ශුක්ලා පවසන්නේ මෙවර චෙන්නයි නගරයේ පැවැත්වෙන තරග සදහා ශී්ර ලාංකික කි්රඩකයන් සහභාගී කර නොගැනීමට තමන් තීරණය කල බවයි.
එමෙන්ම මෙවර තරග වාරය සදහා චෙන්නයි සුපර් කිංග්ස් පිල නියෝජනය කරන නුවන් කුලසේකර සහ අකිල ධනන්ජය හට කිසිදු තරගයකට සහභාගී වීමට නොහැකි වනු ඇතැයි චෙන්නායි නගරයෙන් වාර්තා වේ.
ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනයක් නිකුත් කරන ඉන්දියාවේ ශී්ර ලංකා මහකොමසාරිස් ප්රසාද් කාරියවසම් පවසන්නේ කී්රඩාව සමග දේශපාලනය පටලවා ගැනීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් බවයි.
කී්රඩාව සමග දේශපාලනය පටලවා ගැනීම හේතුවෙන් කි්රකට් නිළවරණය පැවැත්වීමට නොහැකිව පඹගාලක පැටලී සිටින ශී්ර ලංකා කි්රකට් ආයතනය, තමිල්නාඩු මහඇමතිනියගේ ප්රකාශයත් සමග දැඩි අනතුරුදායක තත්වයකට මුහුණපා සිටින ශී්ර ලාංකික කි්රකට් කී්රඩකයන් 13 දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු කි්රයාමාර්ගයක් මේ වනතුරුත් ගෙන නැතැයි කි්රකට් ආයතන ආරංචිමාර්ග පවසයි.









