අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොසිසමේ නිළධාරීන් විසින්, හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සැමියා වන ප්රදීප් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රාජ්ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබාගෙන සාවද්ය පරිහරණය කිරීම මගින් දූෂණය සහ පොදු දේපළ පනතේ වැරදි සිදුකිරීම සම්බන්ධ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවය.
උක්ත අයතා ගනුදෙනුව සිදුවන අවස්ථාවේ ඔහු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ලෙස කටයුතු කර තිබී ඇත.
එමමෙන්ම ඔහුට, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මගින් වසර 05ක අත්හිටවූ සිරදඬුවමක්ද පසුගිය 2018 වසරේ නොවැම්බර් 26 වනදා නියමකර තිබිණි.
ඒ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදවා අධි ප්රමාණ අගයකට ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදීගැනීම මගින් රජයට අලාභ කිරීම යන චෝදනාව යටතේ වරදකරුවීමෙනි. එහිදී ඔහුට කොළඹ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක විසින් වසර 5ක අත්හිටවූ සිරදඬුවමකට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක්ද පනවා තිබී ඇත.










