ශිරන්ති රාජපක්ෂ CIDයට නොපැමිණෙයි

රතුකුරුස සංවිධානය මගින් සමාජ සේවා ආමාත්‍යාංශය වෙත ලබාගෙන ඒ හරහා සිරිලිය සවිය සංවිධානයට ලබා දී තිබූ ඩි‍‍ෆෙන්ඩර් රථය යෝෂිත රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබාදී තිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (27) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණද ඇය එහි පැමිණ නැති බව වාර්තා වේ.

තමන්ට අද දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සිය නීතීඥයින් මාර්ගයෙන් දන්වා ඇති බවද වාර්තාවේ.

වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම ඩිෆෙන්ඩරය හමු වූ අතර එහි තිබී ලේ පැල්ලම් කිහිපයක්ද හමු වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණය හමුවේ පැවසූ බව එකළ මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම ඩිෆෙන්ඩර් රථයේ වර්ණය වරින් වර වෙනස් කර තිබීම සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Related image

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්