දුප්පත් දරුවන් පෙන්වමින් ශිරන්ති රාජපක්ෂ ගෙන ගිය ව්යාපාරික ජාවාරම් පිළිබඳව කෝප් කමිටුවේ දී තොරතුරු රැසක් හෙළි වී තිබේ.
කෝප් කමිටු විමර්ශනවල දී කරුණු ඉදිරිපත් කළ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂගේ නම සඳහන් කිරීමට පවා බියක් දැක්වීය. 1999 දී එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ එම බලතල යොදා ගනිමින් ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපළ අයථා ලෙසින් පවරා තිබිණි. එමෙන් ම, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසුව එම ක්රියාදාමය තව දුරටත් පුළුල් කරමින් අයථා ලෙස භාවිතා කළ නිවසක් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට කුමන්ත්රණය කිරීමට යොදා ගෙන ඇති බව ද කෝප් කමිටුවේදී වැඩි දුරටත් හෙළි විය.
එම රහස් හෙළිවීම් අඩංගු කෝප් කමිටු විමර්ශනය පහත දැක්වේ.










