ශිරන්ති කලින්ම ඇප ඉල්ලයි…

ශිරන්ති කලින්ම ඇප ඉල්ලයි…

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ, අත්අඩංගුවට ගැනීමටත් පෙරම තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර ඇත.

විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස එම පෙත්සම තුළින් ඉල්ලා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්