ශිරන්ති අතරමඟ

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් යම්හෙයකින් සිය පුතුන් අත්අඩංගුවට ගතහොත්, වස පානය කරන බව පැවසූ මහින්දගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂට දැන් පුතුන් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ම වස පානය කිරීමට සිදු වන තරමේ වැඩ සිදුවෙමින් පවතී. ඊට හේතුව පසුගිය පෙබරවාරි පළමුවැනිදා ශිරන්තිව ද නැවත බරපතල දූෂණ, වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට කැඳවීමයි. මීට පෙර වතාවක දී ද ඇයව මෙම කොමිසමට කැඳවා තිබුණු අතර, ශිරන්තිට එල්ල වී ඇති චෝදනාව වන්නේ විමල් වීරවංශ නිවාස ඇමතිකම දරන කාලයේ තමන්ගේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙසින් සිටි පුද්ගලයෙකුට නිවාස සංවර්ධන අධිකාරිය හරහා අඩු වටිනාකමකට වැඩි වටිනාකමක් සහිත නිවසක් ලබා දීමයි.

ශිරන්ති මේ ආකාරයට විමල් හරහා සිය මාධ්‍ය ප‍්‍රකාශකයා නමින් පෙනී සිටි පුද්ගලයා හට රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා කහතුඩුව ප‍්‍රදේශයේ ඇති නිවසක් රුපියල් ලක්ෂ පහක් වැනි මුදලකට තක්සේරු කරවා ලබා දී ඇත. 

මෙලෙස හිතවතුන්ට හා ඥාතීන්ට අඩු මුදලට නිවාස අධිකාරියේ නිවාස රැසක් ලබා දීම සම්බන්ධයෙන් විමල්ට එරෙහිව ද ලිපිගොනුවක් ජනාධිපති විමර්ශන ඒකකය සතුව පවතින අතර, කිසියම් පැහැදිලිව හඳුනා නොගත් හේතුවක් මත (සැක කෙරෙනුයේ ශී‍්‍රලනිපය කඩාගෙන වෙන ම පක්ෂයක් නිර්මාණය කිරීමේ කොන්ත‍්‍රාත්තුව වෙනුවෙන් රනිල්ගෙන් විමල්ට ලැබෙන වරප‍්‍රසාදයක් ලෙසයි.)  එම ලිපිගොනුව පිළිබඳ පරීක්ෂණ අතරමග ඇණහිට ඇත. ශිරන්තිට මෙම නිවාස චෝදනාවට අමතරව ‘සිරිලිය පදනම’ සම්බන්ධයෙන් ද චෝදනා රැසක් ඇති අතර, ඉදිරියේ දී ඒවා ද කරළියට ගෙන ඒමට නියමිත බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්