ශිරන්තිටත් වැඩ වරදීද?

හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බිරිඳ පුෂ්පා රාජපක්ෂ යන දෙදෙනා පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානවල බැංකු ගිණුම් අධිකරණ නියෝගයකින් අත්හිටුවා ඇත. එම ගිණුම් අත්හිටවූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යන සිවිල් ලිය සවිය පදනමේ රුපියල් හාරකෝටි තිස්අට ලක්ෂයක්ද පුෂ්පා රාජපක්ෂ පවත්වාගෙන ගිය පදනමේ රුපියල් හතලිස් තුන් ලක්ෂයක්ද තිබී ඇත.

මෙම ගිණුම් සම්බන්ධයෙන් පවතින සැකසහිත තත්වය හමුවේ මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙමින් පවතින අතර කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත එම ගිණුම් අත්හිටුවා තිබේ. රාජපක්ෂ බිරින්දෑවරුන්ගෙන් මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ලඟදීම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

හිටපු ජනාධිපති බිරිඳ පවත්වගෙන ගිය ගිණුම ආරම්භයේදී ව්‍යාජ තොරතුරු ලබා දී තිබිණ. එමෙන්ම ඇය විසින් පවත්වාගෙන යන කාල්ටන් පෙරපාසල් ජාලයද අයථා ලෙස මුදල් උපයන ජාවාරමක් බව මාධ්‍ය මගින් හෙළි කර තිබිණ. නමුත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කෙරී නැත. හිටපු ජනාධිපති බිරිඳගේ මෙම අයථා මුදල් ඉපයීම් පිළිබඳව අප වෙබ් අඩවිය මුලින්ම කරුණු හෙළි කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්