පසුගිය සැප්තැම්බර් 01දා පෙරවරුවේ අත්අඩංගුවටගත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මස්කෙලිය ආසනයේ ප්රධාන සංවිධායක ඩබ්. ආර්. රණසිංහ හෙවත් වග්ගම රණරාලලාගේ රණසිංහ මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් රෂ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු මධ්යම පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපතිවරයාද වේ.
මහනුවර දඩහේන මාර්ගයට මාර්ග බලපත්රයක් ගැනීමට ව්යාපාරික ඒ. ඩී. ජයන්ත චන්ද්රසිරි මහතාගෙන් රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ගැනීමේදී අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
ලබන 24වනදා නැවත නඩුව කැඳවනු ලැබේ.
ආශ්රිත පුවත්









