පළමු ටෙස්ට් තරගයේ අවසාන දිනය වන අද (30) ජයග්රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා යන ඕස්ට්රේලියානු පිතිකරුවන් මේ වන විට ලකුණු 141කට කඩුලු හතක් බිඳවැටී දැඩි අසීරු තත්වයකට පත්ව සිටී.
ඕස්ට්රේලියානු පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටින ශ්රී ලංකා පන්දු යවන්නෝ මේ වනවිට තරගයේ වාසිය ශ්රී ලංකා කණ්ඩායම වෙත නතු කර ගැනීමට සමත්ව සිටිති. පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 49කට කඩුලු 4ක්ද ලක්ෂාන් සඳකැන් ලකුණු 34කට කඩුලු 2ක්ද දවා ගැනීමට සමත්ව සිටී.
නායක ස්මිත් ලබා ගත් ලකුණු 55ක් ලබා ගනිමින් මේ වනවිට ඕස්ට්රේලියානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභීයා බවට පත්ව සිටී. ශ්රී ලංකා දෙවැනි ඉනිමේ විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිල් ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වූ අතර තවත් ලකුණු 12ක් ලබා ගැනීමට හැකි වූයේ නම් ඕස්ට්රේලියානුවන්ට එරෙහිව ටෙස්ට් ඉනිමකදී ශ්රී ලංකා ක්රීඩකයකු වාර්තා කළ ඉහළම ලකුණු ලබා ගැනීමේ වාර්තාව තමන් සතු කරගැනීමට හැකියාව තිබිණි.










