ශ්‍රිලනිප මන්ත්‍රීන් දහයකට එරෙහිව විනය පරීක්ෂණ!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට එරෙහිව ඉදිරියේදී විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් මෙම පිරිස රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පක්ෂපතී කණ්ඩායම නියෝජනය කරනු ලබන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කිරීම, පක්ෂ තීන්දුවටල පිටුපා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම, පක්ෂයේ එකඟතා විවේචනය කිරීම, පක්ෂයේ සභාපතිවරයාට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම මන්ත්‍රීවරුන් පිරිසට එරෙහිව එල්ල වී ඇත.

පසගිය ජනාධිපතිවරණයෙන් පසුව මෙන්ම මහ මැතිවරණය අතරතුර හා මහ මැතිවරණයෙන් පසුව එම පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව මෙම පිරිස ක්‍රියාත්මක වී තිබේ. මෙම පිරිස අතරට එස්.එම්. චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ධනසිරි අමරතුංග, විදුර වික්‍රමනායක, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන පිරිසද ඉදිරියෙන් සිටින බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්