ශ්රී ලංකාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලා ඇති බව ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් පවසයි.
මෙම ඉල්ලිම සම්බන්ධයෙන් චීනය සලකා බලමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (21) පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි.
ශ්රී ලංකාව පසුගියදා ඉන්දියාව සමඟද අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමක් අත්සත් තිබීය.










