ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ලෙස මෛත්‍රී පාර්ශවයෙන් අධිකරණ ඇමති විජේදාස පත්කරයි

ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ලෙස මෛත්‍රී පාර්ශවයෙන් අධිකරණ ඇමති විජේදාස පත්කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය විසින් අද (21) පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි හෝටලයකදී අද පෙරවරුවේ පවත්වා ඇති අතර උක්ත පත්කිරීම සිදුකර ඇත්තේ එහිදීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව චන්ද්‍රික කුමාරතුංග පාර්ශවය විසින් ගෙන ඇති වාරණ නියෝගය අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කළ නොහැකි බැවින් වැඩ බලන සභාපති ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ පත් කර ගනු ලැබූවේ ඒ අනුව බව වැඩබලන ලේකම් සාරතී දුස්මන්ත මිත්‍රපාල සභාවට නිවේදනය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂගේ නම යෝජනා කරනු ලැබූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහභාගී වී සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්