ශ්‍රි ලංකාව ආයෝජන සදහා හිතකර රටක් – Homelands හිමිකරු කියයි

ශ්‍රි ලංකාව ආයෝජන සදහා හිතකර රටක් – Homelands හිමිකරු කියයි

ශ්‍රි ලංකාවේ ආර්ථිකය වේගයෙන් යථා තත්වයට පත් වෙමින් තිබෙන බවත් ශ්‍රි ලංකාව ආයෝජන සදහා හිතකර රටක් බවත් හෝම්ලෑන්ඩ්ස් (Homelands) සභාපති, ව්‍යාපාරික නලීන් හේරත් කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති හමුවකදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපාරික නලීන් හේරත්,

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ මොහොතේ ඉතා වේගයෙන් යථා තත්වයට පත් වෙමින් පවතින බව.ත් රට ඉතා හොඳින් කටයුතු කරන බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.

විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ ආදායම් පසුගිය වසරට සාපේක්ෂව 20%කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එය සැලකිය යුතු වර්ධනයක් බවත් පෙන්වා දෙයි.

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති බවත් රටේ දූෂණය අවම වී ඇති බවත් පහළ සහ මධ්‍යම මට්ටම්වල සුළු දූෂණ තත්වයක් පැවතියද, ඉදිරි වසර දෙක තුන තුළ ශ්‍රී ලංකාව දූෂණයෙන් තොර රටක් බවට පත් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද, ශ්‍රී ලංකාව දැන් ආයෝජන සදහා ඉතා හිතකරකාරි වන බවත් රජය පෞද්ගලික අංශය මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබමින් ව්‍යාපාරවලට සහාය දක්වන බවත් ඔහු එහිදී අවධාරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්