පසුගිය රාජපක්ෂ පාලන සමයේ ව්යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් ලඟ තබාගත් බවට හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩු විභාගය අද(31) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුනි.
එහිදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුවට අදාල සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්ර අංශයේ හිටපු සහකාර පාලක නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ සාක්ෂි සටහන් කරගැනීම සිදුවිය.
විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප්රශ්න ඇසීමේ කාලයෙන් අනතුරුව සාක්ෂිකරුගේ සාක්ෂි සටහන්කර ගැනීම අවසන් කෙරුණි.
අනතුරුව නඩු විභාගයේ ඉදිරි කටයුතු ඔක්තොම්බර් මස 19 දක්වා කල් තැබීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ එම රජයේම ඇමතිවරයෙකුව සිටි විමල් වීරවංශ මහතාගේ බිරිඳ ව්යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්යතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් ලබාගෙන තිබුණි.
එය ආගමන හා විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඊට අදාලව රහස් පොලීසිය මගින් නඩු පවරා තිබේ.










