ශ්රී ලංකා වෛද්ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්ව ඇත් බවත් ඉතා වටිනා තොරතුරු සහිත එම ලිපිගොනු අතුරදහන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එස සංගමයේ ලේකම් වෛද්ය සේනාල් ප්රනාන්දු පවසන්නේ විදේශ වෛද්යවිද්යාල සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු එලෙස අතුරුදහන්ව තිබෙන බවත් එහි විදේශ වෛද්යවිද්යාලවල අධ්යයනය ලබන ශ්රී ලාංකික සිසුන්ගේ තොරතුරු ආදිය ඇතුළත්න තිබූ බවත්ය.










