
මෙවර යල කන්නයේ වී අස්වැන්න තවමත් නිසි මිලකට අලෙවි කරගත නොහැකිවීමෙන් තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි මැචවච්චිය, අඹගහවැව ගොවීහූ මැසිවිලි නගති.
ඔවුන් පෙන්වා දෙන්නේ රජය තම වී මිලදී ගන්නේ යැයි දැනුම් දී ඇතත් මෙතෙක් ඒ සදහා මුදල් ලැබී නැතැයි පවසමින් බලධාරීන් අවධානය යොමුකර සිටින බවය.
අඹගහවැව ගම්මානයේ පවුල් 250ක පමණ වී ගොවින්ට නිසි මිලක් නොමැතිවීමෙන් තම නිවෙස්වල වී ගබඩා කර තැබීමට සිදුව තිබේ.
සබන් කෑල්ලක් හෝ මිලදී ගැනීමට වී කිලෝ 2ක් පමණ විකිණිය යුතු බවට ගොවිහු මැසිවිලි නගති.
අඹගහවැව ගොවි සංවිධානයේ ලේකම් ප්රියන්ත සංජීව පවසන්නේ ලක්ෂ 15ක පමණ වී තොග ප්රමාණයක් ගබඩා කර ඇති බවය.









